බේරුවල – වදකහවෙල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඊයේ රාත්‍රියේ හදිසියේ ගිනිගෙන තිබෙනවා.
පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගින්න හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති අතර, ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
