Gossips

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු දින 40ක සිට අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට ඔහුගේ පවුලේ ඥතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
18 හැවිරිදි ඔහු පසුගිය මස 15 වැනිදා තවත් 6 දෙනෙකු සමඟ මුහුදු ගොස් ඇති බව සඳහන්.
ඔහු සමඟ මුහුදු ගිය සෙසු පුද්ගලයින් යළි ගොඩබිමට පැමිණ ඇති අතර, අදාළ ධීවරයා මසුන් අල්ලන අතරතුර අනතුරකට ලක්වූ බව සෙසු ධීවරයින් සඳහන් කළ බවයි ඔවුන්ගේ ඥතීන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.