Gossips

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත ගොඩබිමට පැමිණෙමින් තිබූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා.
පසුගිය පළවනදා තවත් ධීවරයින් 4 දෙනෙකු සමග මොහු මුහුදු ගොස් ඇති අතර ඊයේ නැවත පැමිණෙමින් සිටියදී එක්වරම පැමිණි විශාල රළකට යාත්‍රාව හසුවී ඇති බව සදහන්.
එම අවස්ථාවේදී මොහු මුහුදට වැටී ඇති බවයි බේරුවල පොලීසිය සදහන් කළේ.
අතුරුදන්ව සිටින මෙම ධීවරයා බේරුවල – බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්.
මෙම ධීවරයා සොයා මේ වනවිට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.