Gossips

බේරුවලදී ඇල්ලූ හෙරොයින් ගෙන ආ යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවට හෙරොයින් ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු යටියන්තොට ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ දුලිප් සමන්ත ද සිල්වා වන 44 හැවිරිදි මෙම සැකකරු බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
යටියන්තොට ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී කැලණි ගඟට පැන පළායෑමට උත්සාහ කර තිබෙනවා.
පසුව පොලිසිය ඔහුව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද සොයාගෙන තිබෙනවා.
රුපියල් මිලියන 2778 ක් වටිනා මෙම හෙරොයින් තොගය ගොඩබිම වෙත රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගැණුනා.