බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා තිබෙනවා.
ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
අදාළ නිවසේ 45 හැවිරිදි මෙම පුද්ගලයා තනිව සිට ඇති අතර, ඥතියෙකු අද උදෑසන එහි පැමිණි අවස්ථාවේ පාදයකට වෙඩි වැදී සිටි මෙම මන්ත්‍රීවරයා දැක තිබෙනවා.
අනතුරුව ඔහු තංගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.rn
