මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළලමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය අද ධාවනය කෙරුනා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුලු දේශපාලන නියෝජිත පිරිසක් ඊට එක්වු බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.
මාතර සිට බෙලිඅත්ත දක්වා වන කිලෝමීටර් 36ක කොටස ලබන අප්‍රේල් මස 8වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
මෙම දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් පසු බෙලිඅත්ත සිට දුම්රිය වාර 4ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් තුනක් මරදාන දක්වාත් අනෙක් දුම්රිය කිලිනොච්චිය දක්වාත් ධාවනය කෙරෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ඒ ඩී ජී සෙනවිරත්න කියාසිටියේ.
