බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී "
ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ
බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් ගාලු කුමාරි දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
මේ අතර, කැලණිවැලි දුම්රිය මාර්ගයේ කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී අද උදෑසන පීලිපැනීමට ලක්වූ දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
උදෑසන 4.55 ට අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 646 දරන දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව තිබූ අතර, ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
