Gossips

බෙල්ලන්විල නිවසක ගින්නකින් වෛද්‍යවරියක් මියයයි

බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ගින්නෙන් වෛද්‍යවරයෙකු වන ඇයගේ සැමියා සහ පස්හැවිරිදි පිරිමි දරුවා ද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අද දහවල් 1 යි 25 ට පමණ හට ගත් මෙම ගින්නෙන් තුවාල ලැබු ඔවුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි පස්මස් ගැබිණියක් වූ මෙම වෛද්‍යවරිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඇය හොරණ රජයේ රෝහලේ වෛද්‍යවරියක ලෙස මීට පෙර සේවය කර ඇති අතර සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරනවා.