Gossips

බෙල්ජියමට වැඩි වාසි

ප්‍රංශය, 1998 ලෝක ශූරයන් වුවත්, මෙවර තරඟාවලියේ අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයේදී බෙල්ජියම ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.
1903 වසරේ සිට කණ්ඩායම් දෙක මීට පෙර 73 වතාවක් එකිනෙකාට එරෙහිව තරඟ වැදී ඇති අතර, ඉන් 30 වතාවක් බෙල්ජියමත්, 24 වරක් ප්‍රංශයත් ජයග්‍රහණය කර තිබෙනවා.
බෙල්ජියම මෙවර තරඟාවලියේ සියළු තරඟ නියමිත කාලය තුළ ජය ගත් අතර, අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූයේ 05 වතාවක් ලෝක ශූරයන් වූ බ්‍රසීලය පරදවමින්.