බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් පමණ වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහුගේ සිරුර මේ වනවිට නාගොඩ රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
