Gossips

බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජ.වි.පෙ. කියයි

කිසිදු අයුරකින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් මැයෙන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී අනුර කුමාර දිසානායක සඳහන් කළේ ජනතාව සිය අපේක්ෂාවන් ඉටුකළ හැකි නායකයින් පත් කරගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බවයි.
ඔවුන් පාක්ෂිකත්වය මත පමණක් සිය ඡන්දය භාවිත කරන බවද ප්‍රකාශ කළා.