Gossips

බෙදීමක් නැහැ – වේදිකාවේ අසුන් ගත් එස්.බී. කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත් කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික සමගියට කම්කරු ජවය යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මැයි රැළියට මඩකලපුව – චෙන්කලඩි මාවඩිවෙම්බු හිදී ඊයේ (07) එක්වෙමින්.
මේ අතර, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුමේධා ජී. ජයසේන පමණක් ඊයේ පැවති නිදහස් පක්ෂ මැයි දින වේදිකාවේ අසුන් ගැනීම පිළිබදව කතාබහට ලක්වනවා.
මැයි රැළියට එම මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ ඩිලාන් පෙරේරා පැමිණ සිටිය ද ඔවුන් වේදිකාවේ අසුන් ගැනීමෙන් වැළකී වේදිකාවෙන් පහළ රැදී සිටියා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වේදිකාවේ අසුන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගෙන් විමසා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ 16 දෙනාගේ කණ්ඩායම අතර බෙදීමක් නොමැති බවයි.
තමන් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස වේදිකාවේ අසුන් ගත් බව ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.