Gossips

බෙංගාල බොක්ක කැළඹේ – ඉදිරි දින කිහිපයේදීත් වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
අනෙකුත් පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) උදෑසන නිතුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.