Gossips

බෙංගාල බොක්කේ පීඩන අනුපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් පොතුවිල් සිට මඩකලපුව – ත්‍රිකුණාමලය හරහා කස්කසන්තුරය දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
එය ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.