Gossips

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය වර්ධනය වන ලකුණු

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අද (11) දිනයේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.