Gossips

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තව දුරටත් – ප්‍රදේශ රැසකට අදත් වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමුව පළාත සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඌව පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවටද මහජනතාවට දැනුම් දෙනවා.