Gossips

බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු හිමිවරුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග

පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, 2016 වසරේ කොළඹදී පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ චෝදනාවට අදාළවයි.
මීට අදාළ නඩු විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද සලකා බැලුණු අවස්ථාවේ, උන්වහන්සේලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.