බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බුලත්සිංහල පොලීසියේ ප්රකාශකයෙකු සඳහන් කළේ කොල්ලයට පැමිණි ජීප් රථය එම ස්ථානයෙන් නික්ම යන අයුරු අසළ තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී ඇති බවයි.
කොල්ලය සම්බන්ධයෙන් සැකපිට මුදල් ප්රවාහනය කළ වෑන් රථයේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ.ටී.එම්. යන්ත්රවල තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් මෙලෙස කොල්ල කා තිබුණේ ඊයේ පස්වරුවේයි.