Gossips

බුලත්සිංහල කොල්ලයට ඇල්ලූ දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
ඒ මොවුන් මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරිමෙන් පසුවයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන්නේ මුදල් ප්‍රවාහනය කළ වෑන් රථයේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියෙක්.
කොල්ලය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් මෙලෙස කොල්ල කා තිබුණේ ඊයේ පස්වරුවේයි.