Gossips

බුදු රුවට සමාන රුව සහිත සාරියක් පැළඳි කාන්තාවකට ආගරපතන ප්‍රදේශවාසීන්ගේ විරෝධය (ඡායාරූප)

බුදුරුවට සමාන රුව සහිත සාරියක් පැළද අවුරුදු උත්සවයකට සහභාගිවූ කාන්තාවක අවවාද කර මුදාහැරීමේ පුවතක් තලවකැලේ – ආගරපතන ප්‍රදේශයෙන් වාර්තාවුණා.
මෙම කාන්තාව ඊයේ එම ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සඳහා බුදු රුවට සමාන රුව සහිත සාරියක් පැළඳ සහභාගි වී තිබෙනවා.
ප්‍රදේශවාසින්ගෙන් ඇයට විරෝධය එල්ලවීමත් සමඟ හටගෙන ඇත්තේ උණුසුම් තත්ත්වයක්.
පසුව මෙම කාන්තාව ආගරපතන පොලිස් භාරයට ගෙන ඇති අතර, ආගමකට නිගරුවන මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙස අවවාද කිරීමෙන් පසු මුදාහැර තිබෙනවා.
ඥාතියෙකු විසින් තමාට මෙම සාරිය ඉන්දියාවෙන් ගෙනවිත් දූන් බවයි ඇය පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )