Gossips

බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් ගැන තීරණයක් ගනී

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 27 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණාගේ නියෝගයකට අනුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාවනැල්ල, ගම්පොල, ගෙළිඔය සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පිරිසක්.