Gossips

බුදු පිළිමවලට හානි කළ සැකකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට සැඟව සිටින සහෝදරයන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයෙන්ද පළාගොස් තිබෙනවා.
විමර්ශනය භාර උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේ පළාගිය සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
මාවනැල්ල, හිගුල, පහළ කඩුගන්නාව ආදී ප්‍රදේශවල ස්ථාපිත බුදු පිළිම කිහිපයකට හානි සිදුකර තිබීම පිළිබදව සිදුවීම් කිහිපයක් පසුගිය දෙසැම්බර් මස 26 වනදා වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලදී වනාතවිල්ලුව – ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ගොවිපලක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 100 ක් අත්අඩංගුවට ගැනුනා.
බුදු පිළිමවලට හානිකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු බලන්ගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව පරීක්ෂණ කණ්ඩායමක් ප්‍රදේශයේ සිදුකල පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඔවුන් එම ප්‍රදේශයෙන්ද පලාගොස් ඇති බවටයි.
එමෙන්ම මවුලවීවරයෙක් වන දැනට අත්අඩංගුවේ පසුවන ඔවුන්ගේ පියා එම තනතුරෙන් හා ආගමෙන්ද නෙරපා ඇති බවටද තොරතුරු අනාවරණය වනවා.
ඒ ඔහු හා ඔහුගේ දරුවන් අන්තවාදී ආගමික කල්ලියක සාමාජිකයන් ලෙස කටයුතු කරන බවට ලද තොරතුරු හේතුවෙන්.
පසුගියදා ඔවුන්ගේ පියා රැදී සිටි මාවනැල්ල ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී පොලීසිය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ල වායු රයිෆලයක් හා පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් සොයා ගැනුනා.
මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීම සම්බන්ධයෙන් අදාල සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.