Gossips

බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.