Gossips

බුදු දහමට නිගරු කරන කටයුතුවලට දඬුවම් දීමට නව පනතක් ගෙන ඒමට පියවර

බුදු දහමට නිගරුවන ආකාරයෙන් ගීත, නාට්‍ය වැනි නිර්මාණ හෝ මුද්‍රණ කටයුතු සිදුකරන්නේනම් ඊට අධිකරණයෙන් දඩුවම් ලබා දිය හැකි නව පනතක් ඉදිරිපත් කිරීමට සූදානම් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට අනූව ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය ජනවාරි මස 5 වනදා මාතලේ අලුවිහාරයේදී මහානායක ස්වාමීන් වහන්සේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා.