Gossips

බුදු දහමට අපහාස වන ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය අත්හිටුවයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයෙන් බුදු දහමට අපහාස වන අන්දමින් නිර්මාණය කරමින් තිබූ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
උන් වහන්සේ සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සිදුකළ අනාවරණයෙන් පසු රජය මේ පියවර ගෙන ඇති බවයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් ජාතික සංහිඳියා හා ජාතික ඒකාබද්ධතා කාර්යාලය මගින් බුදු දහම විකෘති කරමින් හා බුදු දහමට අපහාස වන අයුරින්ිකණේ පහර‘ නමින් නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කරමින් සිටින බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අනාවරණය කළා.