බුදුදහම පිළිබඳව මිත්‍යා මත පතුරුවන පිරිස්වලට එරෙහිව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ඉදිරියේදී කටයුතු කරන බව මල්වතු – අස්ගිරි කාරක සංඝ සභික හිමිවරුන් පවසනවා.
මල්වතු විහාරයේ මහානායක නිල ආරාමයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව උන්වහන්සේලා මේ බව කියා සිටියා.
එම සාකච්ඡාව සඳහා මල්වතු – අස්ගිරි උභය පාර්ශවයේ අනුනායක හිමිවරුන්, කාරක සංඝ සභික හිමිවරුන් සහ තවත් විද්වත් හිමිවරුන් එක්ව සිටියා.
