Gossips

බුද්ධශාසන ඇමතිගෙන් තරවටුවක්

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ ඉෂාක් රහුමාන් අතර කැකිරාව විහාරස්ථානයක ඊයේ පැවති උත්සවයක් අතර සිදුවු වචන හුවමාරුවක් නතර කිරිමට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට මැදිහත් විමට සිදුවුනා.
ඒ බුද්ධ ශාසන අමාත්‍යවරයා සභාව අමතමින් සිටින අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චන්දිම ගමගේ සහ ඉෂාක් රහුමාන් සංවාදයේ යෙදීම හේතුවෙන්.
පළමුව සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් චෝදනා කළේ පසුගිය ආණ්ඩුවෙන් මෙන්ම, වර්තමාන ආණ්ඩුවෙන් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදුන් බවයි.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ සභාව අමතමින් කියා සිටියේ සියලූම අමාත්‍යාංශවල සහයෝගයෙන් දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සභාව අමතන අවස්ථාවේ සභාවේ අසුන් ගෙන සිටි චන්දිම ගමගේ සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රිවරුන් ඔවුන් සිදුකළ පරස්පර අදහස් සම්බන්ධයෙන් වචන හුවමාරුවක නිරතවුණා.
එය නතර කිරීම සදහා ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මැදිහත් වුණේ තරවටුවක් සිදුකරන ආකාරයෙන්.