Gossips

බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ 5 කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

2013 වසරේ බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකුට ඉන්දීය අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබෙනවා.
මෙලෙස දඩුවම් නියම කෙරුනේ අවුරුදු 25, 28, 30, 35 සහ 39 වයස්වල පසුවන පුද්ගලයන් 5 දෙනෙකුටයි.
මෙම බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු විභාගය අවසානයේ පසුගිය සිකුරාදා සැකකරුවන් 5 දෙනා වැරදිකරුවන් ලෙස අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ නඩු විභාගය අතරතුර බෝම්බ ප්‍රහාරයට අදාළව 90 දෙනෙකුග් පමණ සාක්ෂි විමර්ශණය කර ඇති බවයි.
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවූ මෙම සැකකරුවන් 5 දෙනා 2013 වසරේ ඔක්තෝම්බර් 27 වනදා නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ප්‍රචාරක රැළියක බෝම්බයක් පිපිරවීමේ සිද්ධියට ද සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
2013 වසරේ ජුලි මස 7 වනදා මහා බෝධි මහා විහාරය අවට සිදුවූ පිපිරීම්වලින් භික්ෂුන් වහන්සේලා දෙදෙනෙකු ඇතුලුව 5 දෙනෙකු තුවාල ලැබුවා.
විහාරස්ථානය අවට ස්ථාන 13 ක පුපුරන ද්‍රව්‍ය සවිකර තිබු අතර ඉන් 10 ක් පුපුරාගොස් තිබු බවයි විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.