බුත්තල මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අලුයම වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරියක් බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබුනේ.
මියගොස් ඇත්තේ ලොරියේ රියදුරායි.
ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලැබුවන් බුත්තල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 4 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල මහරෝහල වෙත මාරු කර යැවුනා.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර බුත්තල පොලිසිය විමර්ශණ සිදු කරනවා.
