බුත්තල වන්දම දෙමලිය ප්‍රදේශයේ ඊයේ (24) දහවල් ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාගම්මාන 01 ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
එම ගංජා හේන අක්කරයක පමණ ප්‍රදේශයක් වගා කර ඇති අතර එහි ගංජා පැළ 50000ක් පමණ හොඳින් වැඩී තිබෙනවා.
සැකකරු අද (25) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බුත්තල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
