Gossips

බුත්තල තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගැනේ

බුත්තල තේක්ක කැලය ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් බල ප්‍රදේශයේ තේක්ක කැලය ප්‍රදේශයේ තිබී මියගිය පුද්ගලයකුගේ මල සිරුරක් බුත්තල පොලිසිය විසින් අද (18) උදෑසන සොයාගෙන තිබෙනවා.
තේක්ක කැලය ප්‍රදේශයට හරකුන් දක්කාගෙන ගිය පුද්ගලයකු විසින් පොලිසියට කල දැනුම් දීමකට අනුවයි මේ මළසිරුර සොයාගෙන ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල තොට්ටම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.
මරණය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.