Gossips

බුත්තල අනතුරකින් දෙදෙනෙකු මරුට – සිව්දෙනෙකුට තුවාල

බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ කරවිලකොටුව 19 කණුව අසළදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් මියගිය කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු 61 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක් බවයි.
අනතුරින් තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් සිව්දෙනා පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම – රෙටී හවුස් මංසන්ධියේදී සිදුවූ අනතුරකින් යුක්රේන ජාතිකයෙකු ජිවිතක්ෂයට පත්වුණා.
බස් රථයක් සහ ඔහු ගමන් ගත් යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 31 ක පුද්ගලයෙක්.