Gossips

බුකිය කැළඹූ සොඳුරු ආදරවන්තියගේ මෙතෙක් නොඇසූ සම්පූර්ණ කතාව

මේ වෙනකොට ෆේස්බුක් හරහා හුවමාරු වෙන ඡායාරූප එකතුවක් වෙත ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එහි දැක්වෙන්නේ තමන්ගේ ආදරවන්තයාට දරුණු පිළිකාවක් වැළඳී තිබියදී ඔහු මියයන තුරුම රැකබලාගන්න අපේ කාලයේ ආදර්ශමත් වූ ආදරවන්තියකගේ කතාවක්.
කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වුනේ නම් මීට මාස කිහිපයකට පෙර තායිලන්තයෙන්.
එරට Songkhla Province හි හිටපු තරුණයෙක් වන Pooh Chokchai Kaew සහ Atittaya Chumkeaw දෙදෙනා ආදරවන්තයන්.
වසර කිහිපයක් ආදරය කළ ඔවුන්ට මුහුණදීමට සිදුවෙන්නේ කිසිවෙකු හීනෙකින් වත් නොහිතපු අත්දැකීමකටයි.
ඒ Pooh Chokchai Kaew නම් තරුණයා දරුණු පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වීමත් සමඟයි.
ඔහු හිතන්නේ නළුවෙක් වගේ හිටපු තමන්ගේ මුහුණත් විකෘති වී ගිය මේ පිළිකාව හේතුවෙන් තමන් පණ වගේ ආදරය කරපු හැමදේම තමන්ට නැතිවෙයි කියලා.
ඒත් Pooh හිතපු විදිහ සම්පූර්ණයෙන් වැරදි බව තහවුරු කරන්නේ ඔහුට හදවතින්ම ආදරය කරපු Atittaya පිළිකාව පිළිබඳව දැනගෙනත් ඔහුගෙන් වෙන් නොවී සිටීම හේතුවෙන්.
එපමණකින් නොනැවතුණු Atittaya තමන්ගේ අතින්ම තම පෙම්වතාට ඇප උපස්ථාන කරන්නේ කෙදිනක හෝ තමන්ගේ ආදරය තමන්ට අහිමිවන බව හොඳින් දැනගෙනමයි.
කාලයක් ගතවෙනකොට Pooh නොහිතපු විදිහට තමන්ගේ මුහුණ සම්පූර්ණයෙන් විකෘති වෙන්නේ බලන්නවත් බැරි විදිහටයි.
නමුත් ඉන් Pooh ට ඇතිවුණු කම්පනය දරාගන්නට ඔහුට ශක්තියක් වෙන්නේ ඔහුගේ ලඟින්ම හිටපු සොඳුරු ආදරවන්තිය නිසයි.
පුංචි ගැටලුවකටත් ආදරේට තිත තියන එහෙමත් නැත්නම් ජීවිතේට තිත තියන්න හිතන අමුතුම ලෝකවල ජීවත්වන ආදරණීයන්ට Pooh ගේත් Atittayaගේත් ආදර කතාව කියල දෙන්නේ ආදරයම විතරක් නොවන බව නොරහසක්.
හැමදේම නොසැලුණු මනසකින් දරාගත් Atittaya ට දරාගන්න බැරි ඒ දවස උදාවුනේ මේ වසර ආරම්භයේදීයි.
ඒ දෛවයේ සරදමක් වුවත් ආදරයේ නාමයෙන් තමන්ගේ ජීවිතේම කරගත් Pooh ගේ සමුගැනීමයි.
අන්තිමට Pooh මියයනවා.
එත් ඔහුගේ මතකය හැමදාම හිතේ තබාගෙන ජීවත්වූ අපේ කාලයේ සොඳුරු ආදරවන්තිය Atittaya තම පෙම්වතා වූ Pooh ගේ අවසන් කටයුතු කෙරෙනකම් ඔහුගේ දේහය අසලින් නොසෙල්වී සිටිනවා.
ආදරේ වෙනුවෙන් ජීවත්වන තවත් සොඳුරු ප්‍රේමවන්තියක් වූ Atittaya තවමත් Poohගේ මතකය සමඟ ජීවත්වනවා.
මේ අන්තිමට පසුගියදිනක Pooh වෙනුවෙන් Atittaya තම ෆේස්බුක් ගිණුමට දාපු අපූරු වීඩියෝවක්.
සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න.