Gossips

බුකිකරුවන් 20 ක් ගැන අයි.සී.සී යෙන් විමර්ශන

ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීම්වලට පොළඹවන කුප්‍රකට බුකිකරුවන් 20 දෙනෙකු පමණ පිළිබඳව විමර්ශන සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය පවසනවා.
ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ඔවුන් අතුරෙන් 6 දෙනෙකු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි අයි.සී.සී. දූෂණ මර්දන කමිටුවේ කළමනාකරු ඇලෙක්ස් මාර්ෂල් සඳහන් කළේ.
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන කමිටු නියෝජිතයන් පිරිසක් එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට පෙර දෙපිලේ ක්‍රීඩකයන් මුණ ගැසුණා.
ඔවුන්ට අදාළ සැකකටයුතු පුද්ගලයින්ගේ ඡායාරූප පෙන්වා ක්‍රීඩකයන් දැනුවත් කළ බවයි ඇලෙක්ස් මාර්ෂල් වැඩිදුරටත් කියා සිටියේ.