Gossips

බී.පී.එල්. ශූරතාව කොමිලා වික්ටෝරියන්ස් පිලට

බංග්ලාදේශ ප්‍රිමියර්ලීග් විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට තිසර පෙරේරා ඇතුළත් කොමිලා වික්ටෝරියන්ස් පිල ඊයේ සමත්වුණා.
ඒ, උපුල් තරංග නියෝජනය කළ ඩකා ඩයිනමයිට් පිල ලකුණු 17 කින් පරාජයට පත් කරමින්.
තමීම් ඉක්බාල් හතරේ පහර 10 ක් සහ හයේ පහර 11 ක් සමඟ පන්දු 61 කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 141 ක් රැස් කළ අතර, කොමිලා වික්ටෝරියන්ස් පිල සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3 කට ලකුණු 199ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් ඩකා ඩයිනමයිට් පිලට සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 182 ක් පමණයි.
එහිදී උපුල් තරංග පන්දු 27 කදී ලකුණු 48 ක් රැස් කළ අතර, තිසර පෙරේරා ජයග්‍රාහී කොමිලා පිල වෙනුවෙන් ලකුණු 35 කට කඩුලූ 2ක් දවාලීමට සමත්වුණා.
එහිදී උපුල් තරංගද, තිසර පෙරේරාගේ පන්දුවකට දැවීයාම විශේෂත්වයක්.