Gossips

බී.ජේ.පී නායකයෙකුගේ පුතෙකු බීමතින් රිය පදවා සිව් දෙනෙකු අනතුරට ලක්කරයි

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගේ පුතෙකු සිදුකළ රිය අනතුරකින් ඉන්දියාවේ – ජායිපූර්හි පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු බීමතින් රිය පදවා ඇති අතර, කම්කරුවන් පිරිසක් මෙලෙස අනතුරට ලක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ගාන්ධි නගර් දුම්රිය ස්ථානය අසල ගුවන් පාලමක් යට පදික වේදිකාවක මෝටර් රථය පළමුවෙන් ගැටී තිබෙනවා.
එහිදී රියදුරා පළා යාමට උත්සාහ කිරීමේ දී වාහනය පාලනය කර ගැනීමට නොහැකිව පදික වේදිකාවේ නිදා සිටි කම්කරුවන් යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබුවා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
35 හැවිරිදි සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
බීමතින් රිය පැදවීම සහ පුද්ගල ඝාතන චෝදනා යටතේ සැකකරුට එරෙහිව පියවර ගන්නා බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.
අනතුරට ලක්වු වාහනය භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙකු වන බද්රි නාරායන් මීනාගේ නමට ලියාපදිංචි කර ඇති බව සඳහන්.
මෙම දේශපාලනඥයාගේ පුත්‍රයා දේපළ අලෙවියේ නිරත ව්‍යාපාරිකයෙකු බවට හෙළිවී තිබෙනවා.