Gossips

බීමතින් සිටි විදුහල්පතිවරයෙකුට දෙමව්පියන්ගෙන් විරෝධය

රටේ අනාගත පරපුර වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය සහ ගුණධර්ම වර්ධනයෙහිලා විශාල වගකීමක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සතුව පවතිනවා.
නමුත්, දරු පරපුරක වගකීම් භාරවූ විදුහල්පතිවරුන් දෙදෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් පිළිබඳ කනගාටුදායක සිද්ධීන් පාසල් දෙකකින් වාර්තා වුණා.
වැලිකන්ද – මල්ලින්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊයේ පෙරවරුවේ බීමතින් තවත් ගුරුවරයෙකුට පහරදී ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.
අදාල විදුහල්පතිවරයා බීමතින් පාසලේ රාජකාරී කරන බව සදහන් කල විරෝධතාකරුවන් විදුහල්පතිවරයා භාවිත කල මත්පැන් බෝතල් සොයා පාසල් භූමිය සෝදිසි කළා.‍
මේ අතර, රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලයේ විදුහල්පතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැණවදින බව පවසමින් එම විද්‍යාලයේ ගුරුවරියක් රත්නපුර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊට සහය පලකරමින් එම විද්‍යාලයේ ගුරුමණ්ඩලය විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා.
එම ගුරුවරුන් චෝදනා කරන්නේ විදුහල්පතිවරයාගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.