Politics Sri Lanka

බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප

බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප

මත්පැන් පානය කොට අපරික්ෂාකාරී අන්දමින් රිය පැදවූ පුද්ගලයෙකු පසුගිය 01වෙනිදා අලුයම දංකොටුව, පන්නල මාර්ගයේ ඇටියාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.

යෝගියාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මෙළෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකු බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

දංකොටුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් දංකොටුව පන්නල මාර්ගයේ වාහන පරීක්ෂාවක යෙදී සිටියදී අපරික්ෂාකාර අන්දමින් පැමිණි මොටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී එය පැදවූ රියදුරා බීමතින් සිටින බව සැක පහළ වී තිබේ.

ඉන් අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමේ දී එය තහවුරු වීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හරිනු ලැබ ඇත.