Gossips

බීමතින් රිය පැදවූ හමුදා සෙබලෙකු මහවිලච්චියේදී අත්අඩංගුවට

අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකයකදී පොලීසිය මඟහැර බීමතින් රිය ධාවනය කළ හමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහවිලච්චිය – වම් ඉවුර සහ කිරල්පැටියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ගංජා තොගයක් සහ ඊයම් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.