ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල රථවාහන වැටලීම් වලදී බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදුනු රියදුරන් 66 දෙනෙකු සහ අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 347 දෙනෙකුට එරෙහිව නීති ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.
