අධික ලෙස මත්පැන් පානය කර පාසල් සිසුන් ප්රවාහනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකු බලංගොඩ – පින්නවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේදියි.
අදාළ පාසල් බස් රථය පින්නවල උඩගම සිට නෙල්ලිවෙල හරහා අලූත්නුවර ප්රදේශයට පාසල් ළමයින් ප්රවාහනය කරන පෞද්ගලික බස් රථයක්.
බීමත් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම බස් රථයේ සිසුන් 40 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
සැකකාර රියදුරා අද බලංගොඩ මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර, ඔහුගේ රියදුරු බලපත්රය මාස 10 කට අත්හිටුවා රුපියල් 7500 ක දඩ මුදලක්ද නියම කළ බවයි පොලීසිය ප්රකාශ කළේ.