Gossips

බීමතින් කලහකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්

මේ දිනවල බීමත්ව කලහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, අලුත් අවුරුදු සමයේ සාමය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙසයි පොලිීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.
බීමත්ව කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළදී විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන රැසක් වාර්තා වුණා.
මීට අමතරව අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පසුගිය 11 වනදා ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී ඊයේ පෙරවරු 6 වනවිට පුද්ගලයින් 941 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලය තුළ වෙනත් රථ වාහන වැරදි මෙන්ම, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 29,461 ක් ලබා ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.