Gossips

බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිගම – මිරිස්ස ප්‍රදේශයේ අවන්හලක් තුළ දී මොවුන් මෙලෙස අශෝභන ලෙස හැසිරී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ නිලධාරීන් දෙදෙනා අද අලූයම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මාතර පොලීසියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා රාජකාරී වේලාවෙන් අනතුරුව එම අවහන්හලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.