අධික ලෙස බීමත්ව අධිබලැති විදුලි රැහන් කණුවකට නැඟ විදුලි සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන්, අලුත්ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙක්.
අධික ලෙස බීමතින් පැමිණ ඇති මෙම තරුණයා අධිබලැති විදුලි රැහන් ඇද ඇති කණුවක් මත නැඟ විදුලි රැහන ඇල්ලීමේදි විසි වී බිම ඇද වැටුණු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
ඊයේ (17) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය දික්ඔය මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු අප වාර්තාකරු සඳහන් කළේ.
ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ
