අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 10,170 ක් ලබාගත් බවයි.
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ඊයේ සිට දිවයින පුරා ආරම්භ කෙරුණු අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මකයි.