Gossips

බීමත් රියදුරන් හඳුනා ගන්න ඇඹිලිපිටියේ සිසුවෙකුගෙන් නව උපකරණයක්

බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා මෙරට පොලිසියි බහුලව යොදා ගන්නේ ඒ සඳහා විශේෂිත බැලුමක් පිම්බවීමයි.
එම ක්‍රමය වෙනුවට ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිර්මාණය කිරීමට ඇඹිලිපිටියේ පාසැල් සිසුවෙකු සමත් වී තිබෙනවා.
දසුන් සත්සර ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 වැනි වසරේ ශිෂ්‍යයෙක්.
මත්ද්‍රව්‍ය විරෝධී සතිය නිමිත්තෙන් සිය පාසැලේ පැවති ප්‍රදර්ශණයක් වෙනුවෙන් දසුන් මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබෙනවා.
පුද්ගලයකුගේ මුවට මෙහි ඇති සංවේදකය ලං කිරීමෙන් ඔහු බීමතින් සිටීද, නැද්ද යන්න පැහැදිලිව හඳුනා ගත හැකියි.
ඒ අනුව බීමතින් සිටින පුද්ගලයකු සඳහා මෙහි 500 කට වැඩි අගයක් පෙන්නුම් කරනු ලබනවා.