උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (11) සිට ලබන 20 වනදා දක්වා සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.
පොලිස් මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ බීමත් රියදුරන් පරික්ෂා කිරිම සඳහා ස්වසන නළ 25,000 ක් ගෙන්වා ඇති බවත්, ඒවා මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බවයි.
