Gossips

බීමත් පුද්ගලයෙකු දුම්රියේ ගැටෙයි (ඡායාරූප)

හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
මල්ලිඅප්පු දුම්රිය ගේට්ටුව අසලදී මෙම පුද්ගලයා අද සවස 2 ට පමණ දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කරමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ මෙම පුද්ගලයා ගැටී ඇති අතර දුම්රියේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු හැටන් දුම්රිය ස්ථානයට භාරදී තිබෙනවා.
තුවාලකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු අධික ලෙස බීමත්ව සිට ඇතැයි සඳහන්.
එම පුද්ගලයා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්වයේ පසුවූ බැවින් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.



ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ