Gossips

බීමත්ව සැකකරුවෙකුට පහර දුන් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් 3 දෙනා රිමාන්ඩ්

බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මොවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක්.
මොවුන් ඊයේ රාත්‍රියේ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරී කටයුත්තක නිරතව සිට ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව එම සැකකරුවන් ඉංගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබූ අතර එහිදී එක් සැකකරුවෙකු වූ යුද හමුදා සෙබලෙකුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව සිදුකළ පරීක්ෂණවලදී මෙම පොලිස් නිලධාරීන් තුන් දෙනා බීමත්ව සිට ඇති බවට හෙළි වුණා.
ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.