Gossips

බීමට ජලය ඉල්ලා මාවනැල්ලේ විරෝධතාවයක් (ඡායාරූප)

පානීය ජල පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා මාවනැල්ල ප්‍රදේශයේ පවුල් 6000 කට අයත් පුද්ගලයන් පිරිසක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අලූත් නුවර මංසන්ධියේ අද විරෝධතාවයක නිරත වුණා.
තම ගම්මාන වලට යන ප්‍රධාන මාර්ගයේ ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල නල තුනක් තිබුන ද එමගින් නියමිත ලෙස ජලය බෙදා හැරීමේ ගැටලුවක් පවතින බවයි විරෝධතාකරුවන් පෙන්වාදී ඇත්තේ.
මේ පිළිබඳ සියලූ වගකිව යුතු අංශ දැනුවත් කර තිබුන ද ඊට විසඳුම් නොලැබීම හමුවේ සාමකාමී ලෙස විරෝධතාවක නිරතවු බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
අප වාර්තාකරු සදහන් කළේ විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව ඔවුන් පාගමනින් මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට පැමිණ බලධාරින් තම ගැටලූව සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි.
එහිදී නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ජනතාවගේ ජල ගැටලූව වෙනුවෙන් එම ජල නලවලට සිකුරාදා සහ සදුදා දිනයන්හිදි ජලය ලබා දෙන බවයි.



ඡායාරූප – හෙම්මාතගම සමන් විජය බණ්ඩාර